රැකියා බලපත්‍ර 56,000 අවලංගුයි



කුවේට් මිනිස් බල අධිකාරිය රැකියා බලපත්‍ර පනස් හය දහසක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

රැකියා බලපත්‍රවල නිරවද්‍යතාවය පිළිබඳවඇති වු ප්‍රශ්න හේතුවෙන් රැකියා බලපත්‍ර අවලංගු කිරීමට සිදු වු බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

අවසරයකින් තොරව මාස හයකට වැඩි කාලයක් කුවේටයෙන් පිට වී සිටීම, නේවාසික බලපත්‍රය කල් ඉකුත්වීම, කුවේටයෙන් පිටුවහල් කිරීම සහ තවත් කරුණු කීපයක් රැකියා බලපත්‍රය අහෝසි වීමට හේතු වන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS