රැකියා දෙන්න බෑ



සෞදිය තුල නීතිවිරෝධි ආකාරයෙන් රඳවාගෙන රැකියා ලබාදෙන ආයතන හිමියන්ට විරුද්ධව නීතිමය පියවරගැනීමට සෞදි විදේශ ගමන්බලපත්‍ර අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයන්ට රැකවරණය, ප්‍රවාහනය සහ සහයෝගය ලබාදෙන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අධිකාරිය ප්‍රකාශ කළේය.

රැකවරණය ලබාදෙන පුද්ගලයන්ටරියාල් 15,000කට වැඩි දඩ මුදලක් අය කරන අතර විදේශිකයෙක් නම්රටින් පිටුවහල් කිරීමට අධිකාරිය කටයුතු කරනු ලැබේ.

ආයතන හිමිකරුවෙක් නම් විදේශ ශ්‍රමිකයන් බඳාවාගැනීම වසර පහකට අත්හිටුවා මාස හයක සිරදඩුවම් සහ සෞදි රියාල් 100,000ක දඩමුදලක් අයකරන අතර පුද්ගලයන් සංඛ්‍යාව අනුව දඩමුදල්ද වැඩිවන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS