රැකියා තහනම දීර්ඝ කරයි



ඕමාන ජාතිකයන්ට වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් වෘත්තීන් කීපයකට අදාල වනපරිදි පනවා තිබු තහනම තවදුරටත් දීර්ඝ කළ බව ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඕමානකරණය යටතේ විදේශ ශ්‍රමිකයන් ක්‍රමාණුකූලව වෘත්තීන්වලින් ඉවත් කිරීමට ඕමාන රජය පියවර ගෙන ඇත.

තහනම් කර ඇති වෘත්තීන්ට සේවා ගිවිසුම් අත්සන් කිරීමට රැකියා සපයන සමාගම්වලට නොහැකි බවත් කිසියම් ගැටළුවක් ඇත්නම් මිනිස් බල අමාත්‍යාංශය අමතන ලෙස අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS