රාස් අල් කයිමා නගරයට කැමරා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා නගරය ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට එරට රාජ්‍ය ආරක්ෂක බලධාරින් කටයුතු යොදා ඇත.

නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමේ එක් පියවරක් ලෙස මෙම කැමරා සවිකළ බව රජය  නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

නව වැඩපිළිවෙල යටතේ රාස් අල් කයිමා නගරයම ආවරණය කරමින් ආරක්ෂිත කැමරා 95000 ක් සවි කර ඇතැයි ජීඩී එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අනුව එරට සියලුම වාර්ගවල මෙන්ම ප්‍රදේශන්‍ල මෙම කැමරා සවි කර තිබෙන අතර ඉන් මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හා පුද්ගලයින් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් පහසුවෙන්ම නිරික්ෂණය කිරීම මෙම නැමරා පද්ධතිය සවි කිරීමේ අරමුණ යැයි ද රජය පවසන බව එම වෙබ් අඩවිය තව දුරටත් අනාවරණය කරයි.

මෙකී කැමරා පද්ධතියේ සටහන් නිතර පරික්ෂාවට ලක්වන බැවින් නීතිරීති උල්ලංඝණය කරන හෝ වැරදිකරන පුද්ගලයින් පහසවෙන්ම හඳුනි ගැනීමට හැකි වීම නිසා දඬුවම් නියම කිරීමත් එරට ආරක්ෂාව තව තවත් තර කිරීමටත්
මෙම ක්‍රියාමාර්ග වාසිදායක බවද රජය පවසයි. 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS