රාමදාන් සැමරුම්වලට බාධා



ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ රාමදාන් උත්සව සමය ආරම්භ වී ඇති නමුත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඊට බාධාවක් එල්ල වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට පනවා ඇති තහංචි හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු බැවින් ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ට වෙනදා මෙන් ‘ඊද්’ උත්සවය සැමරීම කළ නොහැකි වී තිබේ. රාමදාන් උත්සව සමය ඇරැඹෙන්නේ පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟය.

‘ඊද්’ උත්සවය සැමරීම වළක්වාලමින් ‘ලොක්ඩවුන්’ තහංචි ක්‍රියාත්මක වන රටවල් අතර තුර්කිය සහ ඉරාකය කැපී පෙනෙයි. ඉරාකයෙන් මේ වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් 4,200 ක් වාර්තා වෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 308 ක් යැයි පැවැසෙයි. ඉරාකයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ මරණ ගණන 152 කි. ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් වාර්තා වූ මරණ ගණන 39 කි. ඒ අනුව එරටින් වාර්ාතා වන සමස්ත මරණ ගණන 4,300 පසු කළේය. තුර්කියෙන් වාර්තා වන සමස්ත ආසිතයන් ගණන 55,600 පසු කර තිබේ.

මේ අතර ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පළාත් කීපයක මුස්ලිම් වැසියන් එක් වී, ‘ඊද්’ සැමරුම් නිමිත්තෙන් ‘කොවිඞ් 19’ වයරසය නිසා අසරණ වුණු ඇමෙරිකානුවන්ට ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ යැයි වාර්තා වේ. රාමදාන් අර්ථවත් කිරීමේ අරමුණ ඇතිව මෙය සිදු කළ බව ඇමෙරිකානු මුස්ලිම් ප්‍රජාව පවසා තිබේ.

බැග්ඩෑඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS