රාත්‍රියට දිය නාන්න වෙනම කලාපයක්



ඩුබායි නගරයට අයත් Umm Suqeim වෙරළ තීරයේරාත්‍රී කාලයේදි මුහුදේ දිය නෑම සඳහා වෙනම කලාපයක් වෙන් කර ඇති බව ඉරිදා දින(මැයි 21) නිවේදනය කළ අතර එමිරේට් රාජ්‍ය තුල එවැනි පහසුකමක් ලබාදුන් පළමු නගරය ලෙස ඩුබායි නගරය පත්වී ඇත.

රාත්‍රී කාලයට ආලෝකය ලබාදීම සඳහා විශාල ස්මාර්ට් කුලුණු දෙකක් Umm Suqeim1 වෙරළ තීරයේ දෙපස සවිකර ඇති අතර එය සූර්‍ය සහ සුලං බලයෙන් ක්‍රියාකරයි.

රාත්‍රී 12 දක්වා වෙරළ තීරය විවෘතව පවතින අතර ජිවිතාරක්ෂක නිලධාරීන් 84 දෙනෙකේ ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ඩුබායි මහනගර සභාව ප්‍රකාශ කළේය.

“මෙහි පැමිණෙන සියළු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි අවධානය යොමු කරලයි තියෙන්නේ,ඒක තහවුරු කරන්න ජීවිතාරක්ෂකනිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවලා තියනවා.’’අධ්‍යක්ෂ ජෙනරාල්, ඩුබායි නගර සභාව, හුසේන් නසාර් ලූතාහ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS