රාජ්‍ය ලේකම් සෞදියේ



මැදපෙරදිග කලාපිය රටවල සංචාරයක යෙදෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඊයේ (13) සෞදියේ රියාද් බලා පැමිණියේය.

රියාද් හි පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට සෞදියේ සල්මාන් රජුගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සහ ඊට චෝදනා ලැබ සිටින අයට කෙසේ දඬුවම් ලබා දෙන්නේදැයි යන්න සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සහ සෞදියේ සල්මාන් කුමරුන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS