රාජ්‍ය ලේකම් සෞදි-ඕමාන් එයි



එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයිකල් පොම්පේයෝ නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට සහ ඕමානයට පැමිණෙන බව වාර්තා වේ.

සෞදි අරාබියේ රියාද් නුවරට පෙබරවාරි 19 දින පැමිණීමෙන් පසු ද්විපාර්ශ්වික කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

සෞදි අරාබියෙන් පසු රාජ්‍ය ලේකම්වරයා ඕමානයට ගොස් සුල්තාන් කබූස් බින් සයිඩ්ගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කර රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පෙබරවාරි 14 වන සිකුරාදා ජර්මනියෙන් ඇරඹෙන අතර ජර්මනියේ මියුනිච් නගරයේ පැවැත්වෙන 2020 මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගි වන එක්සත් ජනපද දූත පිරිස මෙහෙයවයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS