රාජ්‍ය ලේකම් කුවේටයට



ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයිකල් රිචඩ් පොම්පේනිල සංචාරයක් සඳහා ජනවාරි 15 දින කුවේට් රාජ්‍යයට පැමිණෙන බව වාර්තා වේ.

කුවේටය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් වන තුන්වන අදියරයේ කරුණු සාකාච්ඡා කිරීමට ලේකම්වරයා පැමිණෙයි.

යුධ, ආර්ථික, අධ්‍යාපන,වෙළඳාම, ත්‍රස්තවාදය මෙන්ම යේමනය, සිරියාව සහ ඉරාකය යන රටවල්  සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS