රාජ්‍ය ලේකම් කුවේටයට එයි



එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා කුවේට් රාජ්‍යයට පැමිණි බව වාර්තා වේ.

මැදපෙරදිග රටවල්වල සංචාරයක යෙදෙන අතරතුර රාජ්‍ය ලේකම්වරයා කුවේට් රාජ්‍යයට පැමිණ ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

කුවේට් රාජ්‍යය ත්‍රස්තවාදය නැති කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බවත් හොඳ මිතුරෙක් බවත් ද්විපාර්ශවික සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට රාජ්‍ය ලේකම්වරාය බලාපොරෙතේතු වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

කුවේටයෙන් පසු රාජ්‍ය ලේකම්වරයා ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ සංචාරය කරන අතර ඉන්පසු එක්සත් ජනපදය බලා පිටත්ව යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS