රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස හෝටලයක ඉදලා



කුවේට් ජාතිකයෙකු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස අඟවමින් හෝටලක රැඳී සිටීමේ පුවතක් වාර්තා වේ.

එම පුද්ගලයා අදාල හෝටලය තුළ දින 97ක් ගත කර ඇති අතර, කුවේට් ඩිනාර් 10,000ක මුදලක් ගෙවීමට සිදු වී ඇත.

2022 පෙබරවාරි 16 වන දින සිට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස පෙනී සිටිමින් හෝටලය තුළ දින 97ක් රැදී සිටි බවට හෝටල් කළමනාකාරිත්වය කුවේට් ජාතිකයාට චෝදනා කරයි.

තමන්ට මුදල් ගෙවීමට නොහැකි බව එම පුද්ගලයා ප්‍රකාශ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS