රහසේ ඊජිප්තුවට ගිහිල්ලා



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පසුගිය මැයි මාසයේ රහසේ ඊජිප්තුවට ගොස් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය අනාවරණය කරයි.

අගමැති නෙදන්යාහු ඊජිප්තුවට ගොස් ඊජිප්තු ජනාධිපති අල් සීසී හමුවී ගාසා තීරයේ දීර්ඝ කාලීන සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

මේ අවස්ථාවේදී ගාසා තීරයේ පැවැතියේ ඉතා උණුසුම් වාතාවරණයකි. ඒ, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස ඇමෙරිකාව විසින් නිල වශයෙන් පිළිගැනීමත්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර තිබුණු ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමත් සමඟය.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS