රයිසි ඉරාන ජනපති ලෙස දිවුරුම් දෙයි



ඉරානයේ ජනාධිපති ලෙස රාජකාරි ආරම්භ කරමින්, ඊබ්‍රහීම් රයිසි දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උත්සවය තෙහෙරාන් අගනුවරදී පැවැත්වූයේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලීල කමේනී ඉදිරියේය.

ඉරානයේ අටවැනි ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, රයිසි ප්‍රතිඥා දුන්නේ, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තමන් මැදිහත් වී ක්‍රියා කරන බවටය.

ඉරාන න්‍යෂ්ටින වැඩසටහන සම්බන්ධයෙන්, 2015 දී ඇමෙරිකාව සහ බටහිර රටවල් සමඟ ඇති කර ගත් එකඟතා ගිවිසුමට යළිත් ඉරානය එක් කර ගැනීමට මඟ සකස් කිරීම තම අරමුණ යැයි ද නව ජනාධිපති ලෙස 60 හැවිරිදි රයිසි පැහැදිලි කළේය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමට සූදානම් බවක් පෙනෙයි. මේ වනවිට නිල නොවන ආකාරයට වක්‍රව, විවිධ පාර්ශ්ව හරහා ඉරානයත් ඇමෙරිකාවත් අතර එම න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS