රථගාලක් කඩාවැටීමෙන් විශාල හානියක්



නැගෙනහිර සෞදි අරාබියේ කෝබා නගරයේ රථගාලක් කඩැවිටීමෙන් විශාල හානියන් සිදු වී ඇති බව වාර්තා වේ.

රථගාල කඩාවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති අතර, තුවාල සිදුනොවී ආශ්චර්යමත් ආකාරයෙන් පුද්ගලයෙක් දිවි බේරාගන්නා ආකාරය එහි සටහන් වී ඇත.

රථගාලේ නවතා තිබූ බොහොමයක් මෝටර් රථවලට දැඩි අලාභ හානියක් සිදු වී ඇති අතර, කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සෞදි පොලීසිය ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS