රතු මුහුදේ දරු ප්‍රසූතියක්



රුසියානු සංචාරක කාන්තාවක රතු මුහුදේදී දරුවකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් අල් ඇරේබියා පුවත්  වාර්තා කරයි.

දරු ප්‍රසූතිය සිදුවන අයුරු තවත් රුසියානු සංචාරකයකු විසින් රුගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට අන්තර් ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

ජලයේ දරුවන් ප්‍රසූත කිරීම පිළිබඳ විශේෂඥ වෛදවරයෙකුගේ සහය ඇතිව රුසියානු කාන්තාවක් දරු ප්‍රසූතිය සිදු කර ඇති බව ද පැවැසෙයි.

සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇති ඡායාරූප සත්‍ය බවත් මෑතක සිට රතු මුහුදේ දරුවකු ප්‍රසූත කිරීම රුසියානු කාන්තාවන් අතර  සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇති බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කර ඇති බවඅල්-ඇරේබියා වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ඇරේබියා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS