රතු අඩ සඳ ඡායාරූප ශිල්පියා මරුට



කටාර් රතු අඩ සඳ ආයතනයේ මාධ්‍ය ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල 32 හැවරිදි මුෂිබ් අල්-ඔරාබි සිරියාවේ යුධ ගැටුම් පවතින ප්‍රදේශයකදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

උතුරු සිරියාවේ අල්-ජනවුදියා ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයකට යමින් සිටියදී රතුකුරුස සේවකයින් ගමන්ගත් කාරයට ගුවන් ප්‍රහාරයක්එල්ල වී ඇත.

සිරියාවේදි මියගිය තුන්වැනි රතු අඩ සඳ සේවකයා වන්නේ මුෂිබ්අල්-ඔරාබිය.

2014දී අගෝස්තු මාසයේදි අල්-ටබක ප්‍රදේශයේ පිහිටි රෝහලකට ත්‍රස්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් වෛද්‍ය සාලේඅල්-හසන් ජීවිතක්ෂයට පත් වු අතර ඔහුගේ මිතුරා වු වෛද්‍ය ලයිත් අබුල් වාලීඩ් 2013 දෙසැම්බර් මාසයේදි ජීවිතක්ෂයට පත්වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS