රත්‍රන් ජාවාරම් යෙදුනු ගුවන් තොටුපොල සේවකයා අත්අඩංගුවට



මුම්බායි රේගු නිළධාරීන් විසින් රත්‍රන් ජාවාරමේ යෙදුනු සෞදි අරාබි ගුවන් සමාගම අයත් සේවකයෙකු රත්‍රන් ග්‍රෑම් 2100 සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

ගෝයා අහමඩ් සිරාව් නම් සෞදි ජාතිකයා ජේඩා නුවර සිට අලුයම පැමිණි අවස්ථාවේදි  ඉන්දීය ගුවන්තොටුපොල රේගු බුද්ධි අංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

පරීක්ෂා කිරීමෙන් අනතුරුව සොයාගන්නා ලද රත්‍රන් වල මුළු වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 63.71 වන බව රේගු නිළධාරියකු ප්‍රකාශ කලේය. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රේගු නිළධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

රත්‍රරන් ග්‍රෑම් 2000ක් තමාගේ බවත් ග්‍රෑම් 100ක්  තම මස්සිනා වන සෞදි පුරවැසියකු වන ෆාහිඩ් අලීගේ බවය ඔහු ප්‍රශ්න කිරීම් වලදී පාපොච්ඡාරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර මෙම ජාවාරමට තවත් පුද්ගලයින් සම්බන්ධවී ඇත්දැයි සෙවීම සදහා  රේගු නිළධාරීන්ගේ වැඩි අවධානය යොමුවී ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS