රත්‍රං සංචිතවලින් පෙරමුණට එයි



රත්‍රං සංචිත හිමි අරාබි රටවල් අතරින් සෞදි අරාබිය පෙරමුණට පැමිණ ඇති බව වාර්තා වේ.

ලෝකයේ රත්‍රං සංචිත හිමි රටවල් අතුරින් සෞදි අරාබිය දහසය (16) වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.

සෞදි අරාබිය සතුව රත්‍රං ටොන් 323ක් ඇති අතර ලෙබනනයේ 286.80ක්, ඇල්ජිරියාවේ 173.60ක්, ලිබියාවේ 116.60ක්, ඉරාකයේ 96.30ක් සහකුවේටයේ 79.0ක් රත්‍රං ටොන් ඇත.

රත්‍රං සංචිත පවත්වාගෙන යන අනිකුත් අරාබි රටවල් සහ ප්‍රමාණයන්: ජෝර්දානයේ 43.50ක්, කටාර් රාජ්‍යයේ 37.50ක්, සිරියාවේ 28.80ක්, මොරොක්කෝවේ 22.10ක්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 7.50ක්, ටියුනිසියාවේ 6.80ක්, බහරේන් රාජ්‍යයේ 4.70ක්, යේමනයේ 1.60ක් සහ ඕමාන් රාජ්‍යයේ 0.02ක් ඇත.

ලොව විශාලතම රත්‍රං සංචිතය හිමි රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය පෙරමුණේ පසුවන අතර ඔවුන් සතුව රත්‍රං ටොන් 8,133.5ක් ඇත.

රත්‍රං සංචිතය හිමි අනිකුත්ප්‍රධාන රටවල් වන්නේ:ජර්මනිය (3,367.90), ඉතාලිය (2,451.80), රුසියාව (2,119.20) සහ චීනය(1,864.30) වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS