රටවල් 177 යන්න පුළුවන්



එක්සත් අරාබි එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් එකසිය හැත්තෑ හතකට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි බව වාර්තා වේ.

ලෝක විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ පළමු ස්ථනය දිනාගැනීමට එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය සමත් විය.

රටවල් එකසිය දහඅටකට වීසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි අතර රටවල් පනස් නවයකට පැමිණීමේදි වීසා ලබාගත හැක.

එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගැනීමකින් තොරව පැමිණීමට අවසර ලබාදුන් අවසන් රටනැමීබියාවවේ.

ලෝක විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඇති රටවල් විසි එකකට ගමන් කිරීමට එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමට අවශ්‍ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS