රටවල් 14 කට තහනමක්



කටාර් රාජ්‍යය රටවල් දාහතරකට ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් කටාර් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ ආරක්ෂිත පියවරක් ලෙස අදාල තහනම මාර්තු 09 දින සිට ක්‍රියාත්මක කරයි.

චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ලෙබනනය, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයන්ට කටාර් රාජ්‍යයට පැමිණීම තහනම් කර ඇත.

කටාර් ගුවන් සමාගම මේ වනවිටත් ඉතාලියට සහ ඉන් පිටත ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS