රජු අවන්හලකට ගිහින්



ජෝර්දාන් රජු, දෙවැනි අබ්දුල්ලා ඉබ්න් අලි හුසේන්අම්මාන් නුවර අල්-රිම්බා මාවතේ පිහිටා ඇති අවන්හලකට සාමාන්‍ය ඇඳුමකින් ගොස් ආහාර ගෙන ඇති බව වාර්තා වේ.

පවුලේ සාමාජිකයන් සමඟ ජෝර්දාන් රජු අල්-කූඩ්ස් අවන්හලට ගොස් ඇති අතර අවන්හලේ සිටි අය සමඟ සුහද කතාබහ කරන ආකාරය දැක්වෙන් ඡායාරූප කීපයක් අන්තර්ජාලයට එක් කර ඇත.

මහළු තාන්තාවක් සමඟ කතාබහ කරන ඡායාරූපය වැඩිදෙනෙකුගේ අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS