රජයේ සේවකයන්ට නව මාර්ගෝපදේශනයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රජයේ සේවකයන් සඳහා නව නිරෝධායන මාර්ගෝපදේශනයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වන සහ ආසාදනය වී ඇති පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පවත් වන රජයේ සේවකයන්ට අදාල වන පරිදි අදාල මාර්ගෝපදේශනය නිකුත් කර ඇත.

එන්නත් නොකළ රජයේ සේවකයින්ගේ වාර්ෂික නිවාඩු වලින් නිරෝධානයනය කිරීම සඳහා යන දින ගණන අඩු කරනු ලබන බවටත්,  එන්නත් නොකළ රජයේ සේවකයන් සෑම දින හතකට වරක් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බවට මාර්ගෝපදේශයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS