රජකම අහිමි කුමරු නිවාස අඩස්සියට



සෞදි රජකම අහිමිවූ 57 හැවිරිදි මොහොමද් බින් නායේෆ් කුමරු නිවාස අඩස්සියට පත් කිරීමට සෞදි රජය කටයුතු කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

නිවාස අඩස්සියට පත් කිරීමට පෙර, රජකම අහිමි කිරීමෙන් පසු, මොහොමද් බින් නායේෆ් කුමරුන්ට සෞදියෙන් පිටවීම පවා තහනම් කෙරුණු බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ වනවිට ජෙඩා නුවර වෙරළ තීරයේ පිහිටි සිය මාලිගාවට පමණක් සීමා වී, මොහොමද් බින් නායේෆ් කුමරු වාසය කරන බව ද පැවැසෙයි. කෙසේ නමුත් ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවයේ මෙම වාර්තාව පදනම් විරහිත බවත්, එය වැරදි බවත් සෞදි බලධාරීන් පවසා ඇත.

කටාර් රජු සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද්ගෙන් පසු රජකම හිමිවීමට නියමිතව සිටියේ මොහොමද් බින් නායේෆ් ය. මොහු සල්මාන් රජුගේ බෑණා කෙනෙකි.

සල්මාන් රජු එසේ තීරණය කළේ 31 හැවිරිදි සිය පුතු මොහොමද් බින් සල්මාන් අල් සෞද් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරමිනි. සල්මාන් රජුගෙන් පසු සෞදියේ රජකම හිමිවන්නේ මොහොමද් බින් සල්මාන් අල් සෞද්ටය. සෞදියේ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ද මොහොමද් බින් සල්මාන් අල් සෞද්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS