රජ පවුල විවේචනය කරලා



ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබා සිටිනබහරේන් වෘත්තීය පාපාන්දු ක්‍රීඩකයෙක් වු හකීම් අලී මොහොමඩ් අලි අල්-අරාබි බහරේන් රාජකීය පවුල විවේචනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තායිලන්ත සංචාරයක් අතරතුර තායිලන්ත පොලීසිය බහරේන් පාපන්දු ක්‍රීඩකයාව අත්අඩංගුවට ගෙන බහරේන් පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙමින් තමන්ට 2012 වර්ෂයේදි බහරේන් රාජ්‍යය තුලදී දේශපාලනික හේතුන් මත විදින්ට සිදු වු වදහිංසාවන් පිළිබව දැඩි දෝෂදර්ශනයකින් බහරේන් රාජකීය පවුල විවේචනය කර ඇත.

රාජකීය පවුල විවේචනය කිරීම සම්බන්ධයෙන් පාපන්දු ක්‍රීඩකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට්)


RECOMMEND POSTS