රක්ඛා රෝහලට විස පොස්පරස් ප්‍රහාරයක්



සිරියාවේ දයේෂ් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඇමෙරිකාවේ සහාය ලබන සටන්කාමීන්, උතුරු සිරියාවේ රක්ඛා නුවර සිරියානු රජයේ රෝහලකට පොස්පරස් විස අඩංගු බෝම්බ යොදා ගනිමින් පහරදීමක් කර ඇතැයි වාර්තා වේ.

පොස්පරස් බෝම්බ භාවිතය අන්තර් ජාතික වශයෙන් තහනම් කර ඇත. එසේ තිබියදී, ඇමෙරිකාවේ සහාය ලබන සටන්කාමීන් ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් තමා ජාත්‍යන්තරයට දැනුම් දුන් බව සිරියානු රජය පවසා ඇත.

සිරියානු අරාබි රතු අඩ සඳ සංවිධානය පවා මෙම ප්‍රහාරය තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. පොස්පරස් විස අඩංගු ෂෙල් ප්‍රහාර 20 ක් රෝහලට පතිත වී ඇති බවත්, එයින් රෝහලට දැරුණු හානි සිදුවී ඇති බවත් වාර්තා වේ.

ලක්ෂයකට වැඩි පිරිසකට රෝහලේ ප්‍රතිකාර ලබා දෙමින් තිබුණැයි ද සිරියානු අරාබි රතු අඩසඳ සංවිධානය වැඩි දුරටත් කියා සිටී. මියගිය ගණන මෙතෙක් තහවුරු වී නැත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS