යෝජිත කෘත්‍රිම මුහුදු වෙරළ ගැන අමාත්‍යාංශය සහ නගර සභාව මත දෙකක



මහජනතාව වෙනුවෙන් කෘත්‍රිම මුහුදු වෙරළ ඉදිකිරීමේ රජයේ සැළැස්මට නගර සභිකයන්ගේ දැඩි විවේචන එල්ල වී තිබෙන අතර රටේ දැනට ඉතිරිව ඇති වෙරළ තීරයන් පෞද්ගලික ආයෝජනයන් සඳහා පාවිච්චි කිරීමට එරෙහිව ඔවුන් සිය ඡන්දයද පාවිච්චි කර ඇත.

දකණු නගර සභාව වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජිත සැළැස්මට කෘත්‍රිම දූපත් නිර්මාණය කිරීම සඳහා භූමිය අත්පත් කරගැනීම සහ ඉන් කොටසක් ජනතාවගේ පාවිච්චිය සඳහා වෙන්කිරීමද ඇතුළත් වෙයි.

මේ සම්බන්ධයෙන් නගර සභාව වෙත ලියවිල්ලක් එවමින් වැඩ, නගර සභා කටයුතු සහ නාගරික සැළසුම් අමාත්‍ය එසාම් කාලාෆ් පවසා ඇත්තේ මෙම යෝජනාවේ අරමුණ “ජනතාව වෙනුවෙන් විවෘත වෙරළ තීරයක්” නිර්මාණය කිරීම බවයි.

කෙසේ වෙතත් නගර සභිකයන් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය කර ඇත්තේ යෝජිත කෘත්‍රිම දූපත් සඳහා වන ආයෝජන සැළසුම් නවතා දැමීමයි. එසේම රටේ වෙරළ තීරය, විශේෂයෙන්ම අල් ජසායිර් මුහුදු වෙරළ පෙර පරිදිම ජනතාව සඳහා විවෘතව තැබිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.
අල් ජසායිර් වෙරළ තීරය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ නගර සභාව අතර මාස 10 ක් තිස්සේ පැවැති මත ගැටුම්වලින් අනතුරුව ඉහත සැළසුම යෝජනා කර තිබේ. “ඔවුන් බලහත්කාරයෙන් පොදු වෙරළ තීර අත්පත් කරගෙන ඒවා පෞද්ගලික දේපොළ බවට හරවනවා. දැන් ඔවුන්ට ඕනේ ජනතාව සඳහා කෘත්‍රිම මුහුදු වෙරළ නිර්මාණය කරනවා කියලා අපිව රැවටීමකට ලක්කරන්නයි” යැයි නගර සභික අල් බුලෝෂි නගර සභා රැස්වීමේදී පැවසීය. නගර සභා තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා වන්නේද අල් බුලෝෂි ය. 

“බහරේනය දූපත් සමූහයක්. එහි තේරුම තමයි හැම වෙරළ තීරයක්ම ජනතාවට යන්න පුලුවන් විදිහට තියෙන්න ඕනේ... එහෙම නේද?”

“දැන් මුහුදු වෙරළ, ජැටි හෝ මහජන ව්‍යාපෘති පවා දකින්නට නැහැ. මොකද වෙරළ තීරයක් නැහැ. දැන් ඔවුන් හදන්නේ අල් ජසායිර් වෙරළ තීරයත් පවරාගෙන එය ආයෝජන ව්‍යාපෘතියකට ලබාදෙන්න. අපි විතරක් නෙමෙයි... රජයත් මේකට විරුද්ධයි” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


RECOMMEND POSTS