යේමනයේදි මියගිය එමිරේට් සෙබළාගේ දේහය අබුඩාබියට



සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් යුධ මෙහෙයුම් සදහා සහභාගිවී යේමනයේදී මියගිය එමිරේට්ස් යුධ හමුදා සාජන්, කලීද් ගරීබ් අල්-බලූෂිගේ දේහය අබුඩාබියේ අල්- බේටීන් ගුවන්තොටු පොල වෙත ලගාවී ඇත. 

දේහය රැගෙන ආ අවස්ථාවේදි හමුදාවේ ඉහළ නිළධාරීන්ගේ සහභාගගීත්වයෙන් විශේෂ හමුදා උත්සවයක් මියගිය හමුදා සෙබළා වෙනුවෙන් ගුවන්තොටු පොලේදී පවත්වන ලදී.  

ගුවන් තොටු පොලේ පවත්වනලද හමුදා ගෞරවන් අවසන්වීමෙන් පසු දේහය පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිත අතර පවුලේ ඥාතීන්ගේ අවසන් ගෞරවයන් දැක්වීමෙන් අනතුරුව හමුදා ගෞරව ආචාර මධ්‍යයේ දේහය භූමදානය කිරීමට නියමිතව ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS