යේමනයේ හමුදා අඩු කරන්න තීරණයක්



යේමනයට යවා ඇති හමුදා සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව එක්සත් අරාබි එම්රේට්ස් රාජ්‍යය පවසා ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමන යුද්ධයට සම්බන්ධ වී සිටින්නේ, සෞදියට සහාය පළ කරමිණි. ඇමෙරිකාවේ සහාය සෞදියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත් ලැබෙයි.

යේමනයට සාමය උදා කිරීමට නව සාම සැලැසුම් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, ඊට සහාය දැක්වීමක් ලෙස මෙම තීරණය ගත් බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS