යේමනයේ සටන් විරාමය ඇරැඹේ



යේමන රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සහ යේමන රජයට සහාය දක්වන සෞදි හමුදා අතර සටන් විරාමයක් ආරම්භ විය.

සටන් විරාසය ආරම්භ වූයේ ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය හේතුවෙනි. සති දෙකක කාලයක් සටන් විරාමය පැවැත්වෙනු ඇති බවත් දෙපාර්ශ්වයම ඊට ගරු කරන බවත් පවසා තිබේ.

සෞදියෙන් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නමුත් යේමනයෙන් තවමත් කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS