යේමනයේ මිලියන දෙකක් අවතැන්



යේමනයේ දිනෙන් දින ඔඩුදුවන සිවිල් යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූවන්ගේ ගණන මේ වනවිට මිලියන දෙක ඉක්මවා ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාංශය නිවේදනය කරයි.

යේමනයේ යේමන වැසියන් පමණක් නොව, සෝමාලියාවෙන්, ඉතියෝපියාවෙන් පැමිණි සරණාගතයන් පවා සිටින අතර යේමන සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාංශය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS