යේමනයේ කොළරා වසංගතයට 1,600 ක් බිලි



කොළරා වසංගත තත්ත්වය මේ වනවිට යේමනයේ ප්‍රාන්ත 21 ක් පුරා පැතිර ගොස් ඇති බවත්, කොළරාව හේතුවෙන් 1,600 කට වැඩි දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

යේමනයේ කොළරා වසංගතයක් හිස එසවූයේ, එරට සිවිල් යුද්ධයක් පවතිද්දීය. ගැටුම් මැද කොළරා වසංගතය තවත් පළාත්වලට පැතිර යෑමේ අවදානමක් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් කියා සිටී.

යේමනයේ ඒඩන් සහ හූදායාද් යන නගරවල කොළරා රෝගීන් ලක්ෂයකට වැඩි පිරිසක් සිටින බවත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් නොමැති බවත් වාර්තා වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS