යේමනයේ කොළරා රෝගීන් ගණන ලක්ෂය පනී



සිවිල් ගැටුම් මැද යේමනයේ හිස එසවූ කොළරා රෝගය හේතුවෙන් ලක්ෂයකට වැඩි පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

අප්‍රේල් 27 වැනිදා සිට මේ දක්වා යේමනයේ ප්‍රාන්ත 22 කින් කොළරා රෝගීන් 798 ක් මියගිය බව ද වාර්තා වේ.

සෑම පැයකටම එක් අයකු කොළරාවෙන් ජීවිතක්ෂයට පත් වෙනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS