යේමනයේ ආහාර අර්බුදය සාගතයක් වේවි !



යේමනයේ පවතින ආහාර අර්බුදය මෙම වසරේදී සාගතයක් බවට පත්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

පසුගිය වසර කිහිපයක සිට යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් දැඩි ආහාර අර්බුදයක් ඇතිව තිබෙනවා.

එය මෙම වසරේ දී සාගත තත්ත්වයක් බවට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. මිලියන දෙකක පමණ ජනතාවක් හදිසි ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙනවා.

එරට ළමා මන්දපෝෂණ තත්ත්වය සියයට හැට තුනකින් ඉහළගොස් ඇති බව ද සඳහන්. මේ හේතුවෙන් සෑම විනාඩි දහයකට වරක් වසර පහකට අඩු දරුවෙකු මිය යන බවයි වාර්තා වන්නේ.

 

(තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි......


RECOMMEND POSTS