යේමනයේ අල් කයිඩා නායකයා මරා දැමේ



අරාබි අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක කසීම් අල් රයිමී ඇමෙරිකන් හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

අරාබි අර්ධද්වීපයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන අල් කයිඩා සංවිධානයේ ශාඛාවකි. මෙය පිහිටුවනු ලැබුවේ 2009 දීය. කසීම් අල් රයිමී එම අල් කයිඩා සංවිධානයට නායකත්වය දෙන්නේ 2015 වසරේ සිටය.

කසීම් අල් රයිමී මරා දැමීමට ඇමෙරිකන් හමුදා සමත් වී ඇත්තේ යේමනයේ සිදු කළ මෙහෙයුමකදී යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

2000 සිට ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් සිදු කර ඇත්තේ කසීම් අල් රයිමීගේ උපදෙස් පරිදි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවසා ඇත. අල් රයිමී ගැන ඔත්තුවක් දෙන්නේ නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ත්‍යාග මුදලක් ලබා දෙන බව ද ඇමෙරිකාව පවසා තිබුණි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS