යේමනයෙන් පළමු ආසාදිතයා හමුවෙයි



‘කොවිඞ් 19’ වයිරසය පැතිර නොගිය රටක් ලෙස සැලකුණු යේමනයේ පළමු කොරෝනා ආසාදිතයා මේ වනවිට හමුවී ඇත.

මේ බව වාර්තා කළේ යේමන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක විශේෂ ආයතනයයි.
යුද ගැටුම් හේතුවෙන් යේමනය අස්ථාවර වී ඇත. දස දහස් ගණනකට යුද ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී තිබේ.

‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයක් හටගත්තොත්, යේමන වැසියන් දස දහස් ගණනින් මියයනු ඇති බව රතු කුරුස සංවිධානය අනතුරු අඟවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS