යේමනයෙන් නව බැලැස්ටික් මිසයිලයක්



යේමන හමුදාව මධ්‍යම ප්‍රමාණයේ බැලැස්ටික් මිසයිලයක් නිෂ්පදානය කල බව පසුගියදා නිවේදනය කලේය. 

එය Qaher M2 යනුවෙන් නම් කර ඇත. 

කිලෝග්‍රෑම් 350ක බරකින් යුක්ත වන අතර කිලෝමීටර් 400ක පරාසයක ඇති ඉලක්ක වෙත එල්ල කිරීමේ හැකියාව බැලැස්ටික් මිසයිලය සතුව පවතියි. 

සෞදි හමුදා සහය ඇතිව සිදුකරන ලද සාර්ථක අත්හදා බැලීම තුනකින් පසුව බැලැස්ටික් මිසයිලය පිළිබද දැණුවත් කිරීමේ උත්සවය පසුගිය අගහරුවාදා පැවැත්වන ලදී. 

එම උත්සවයේදි බැලැස්ටික් මිසයිලය ප්‍රදර්ශනය කරන ලදී.

තම දේශිය යුධ විශේෂඥයින්ගේ දැණුම භාවිතා කර මෙම බැලැස්ටික් මිසයිලය නිෂ්පාදනය කල බව යේමන හමුදාව එම උත්සයයේදී පැවසීය. 

 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS