යේමනයට විශාල සහන ව්‍යාපාරයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමනයේ විශාල සහන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යුද්ධයෙන් අනාථ වී සිටින ටයිස් සහ හොඩෙයිඩා නගරවල වැසියන්ට සහන ව්‍යාපාරය මඟින් පහසුකම් සැලසීමට එමිරේට්ස් රාජ්‍ය බලාපොරොත්තු වෙයි. 

මාසයකට වැඩි කාලයක් තිස්සේ සහන ව්‍යාපරය සිදුකර ගෙන යන අතර පවුල් 23,000කට අවශය සියළුම පහසුකම් සැපයීම ප්‍රධාන ඉලක්කය වී ඇත. 

එමිරේට්ස් රතු අඩසඳ සංවිධානය සහ ස්වේච්ඡා සංවිධාන හරහා ආහාර සහ නවාතැන් පහසුකම් යේමනයට රැගෙන යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS