යේමනයට මානුෂිය ආධාර



යේමනය සදහා ඩොලර් බිලියන 03ක පමණ මානුෂිය ආධාර මේ වන විට අවශ්‍ය පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ  දිනයේ එම සංවිධානය මේ පිළිබඳ දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව විසින් යේමනය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් බොහෝ පිරිසක්  පීඩාවට පත්ව තිබේ.

මේ හේතුවෙන් ලක්ෂ 04කට ආසන්න පිරිසක් මන්ද පෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙන  අතර ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකිරිමේ අවශ්‍යතාව පවතින බව ද එක්සක් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම දරුවන් මිලියන දෙකකට ආසන්න පිරිසකට අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි වී ඇති බව ද එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS