යේමනයට ඩීසල් ටොන් 7,200ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමනයට ඩීසල් ටොන් 7,200ක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

දේශීය බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ඉන්ධන තොගය උපකාරී වන බව එමිරේට්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ඩීසල් තොගය රැගත් නෞකාව යේමනයේ  හද්රමාට් ආණ්ඩුකාර ප්‍රදේශයේ මුකල්ලා වරායට පැමිණ ඇති අතර එමිරේට්ස් රතුඅඩසඳ සංවිධානයේ නියෝජිත, හුමෙයිඩ් රෂීඩ් අල්- ෂම්සි සහ යේමනයේ නිලධාරීන් කීපදෙනෙක් නෞකාව පිළිගෙන ඇත.

දුෂ්කරතා මඟහරවා ගැනීමට උදව් උපකාර කරනඑමිරේට්ස් නායකත්වයට, රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වන බවහද්රමාට් හි තාක්ෂණික කටයුතු පිළිබඳ උප-ලේකම්, මොහොමඩ් අල්- අමූඩිප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS