යේමනයට ඇමරිකානු ගුවන් ප්‍රහාර 20ක්



පෙබරවාරි මාසයේ අග (28 දින) සිට මේ දක්වා යේමනයේ ත්‍රස්තවාදින් රැදී සිටන ස්ථාන ඉලක්ක කරගනිමින් ඇමරිකානු ගුවන් ප්‍රහාරයන් 20ක් එල්ල කල බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇති බව ප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වාර්තා කලේය. 

තම ගුවන් ප්‍රහාරයන් දිගින් දිගටම ඉල්ල කරන බව පෙන්ටගනය පවසනවා. පෙන්ටගනය එසේ ප්‍රකාශ කලද  ඇමරිකාව ගුවන් ප්‍රහාරයන් එල්ල කරනු ලබන්නේ යේමන රාජ්‍ය ආසන්නයේ ඇති අප්‍රිකානු සහ ගල්ෆ කලාපීය රටවල් වල ගුවන් කලාප ආක්‍රමණය කරමින්ය. 

එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් විස්ස අල්කයිඩා ත්‍රස්තවාදීන් රැදී සිටින ස්ථානයන්ට හෝ වෙනයම් ස්ථාන වලට එල්ල කලේද යන්න  පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක, නාවික හමුදා කැප්ටන් ජෙෆ් ඩේවිඩ් විස්තරාත්මක ලෙස ප්‍රකාශ කර නැත. 

“ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනයක් වී ඇති  අල්-කයිඩා ත්‍රස්තවාදින් අඩපණ කිරීම සදහා ඔවුන් රැදී සිටින ස්ථානවලට ප්‍රහාරයන් දිගින් දිගටම එල්ල කරනවා’’ යනුවෙන් කැප්ටන් ජෙෆ් ඩේවිඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS