යේමන හමුදාව ජෝර්දාන ප්‍රහාරක යානයක් බිම දමයි



යේමන රජයට අයත් ගුවන් ආරක්ෂක බලකාය සහ ඔවුන් සමඟ එක් වී සිටින හූති ෂියා මුස්ලිම් සටන්කාමීන්, ජෝර්දායට අයත් ප්‍රහාරක ජෙට් ගුවන් යානයක් බිම හෙළා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

යේමන හමුදාව සහ සටන්කාමීන් එක් වී බිම හෙලා ඇත්තේ එෆ් 16 වර්ගයේ ජෝර්දාන රාජකීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයකි.

ජෝර්දාන රජය යේමන අර්බුදයට මැදිහත් වී, හූති සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ සෞදියට සහාය දක්වමින්, සෞදියේ ඉල්ලීම මතය.

(ප්‍රෙස් ටී.වී.)

 


RECOMMEND POSTS