යේමන හමුදා සෞදි කඳවුරු අල්ලා ගනිති



යේමනයේ රජය පෙරළා දැමීමට කටයුතු කළ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට සහාය දක්වන යේමන රජයේ හමුදා අසීර් පළාතේ පිහිටුවා තිබුණු සෞදි හමුදා කඳවුරු දෙකක් පසුගිය 6 වැනිදා අත්පත් කර ගත්හ.
යේමන හමුදාව මෙම කඳවුරු දෙක අත්පත් කර ගැනීමට ප්‍රහාර මාලාවක් එල්ල කළේ හවුති සටන්කාමීන්ගේ ද සහාය ඇතිව බව ඉරානයේ ප්‍රෙස්ටීවී පුවත් සේවය වාර්තා කරයි. කඳවුරු පිහිටා තිබුණු අසීර් පළාත අත්තේ යේමන සෞදි දේශසීමාවේය.


RECOMMEND POSTS