යේමන වැසියෝ දහස් ගණනක් වීදි බසිති



ඇමෙරිකාවට විරෝධය දක්වමින් දස දහස් ගණනින් යේමන වැසියෝ දැවැන්ත පා ගමනකට එක් වූහ.

යේමනයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ හවුති නමැති ෂියා මුස්ලිම් සටන්කාමීන් සහ යේමන විපක්ෂය යේමන රජය පෙරළා දැමීමත් සමඟය.

යේමනයේ පැවැතියේ සෞදියේ සහාය සහ අනුග්‍රහය හිමිවුණු රජයකි. රජය පෙරළා හවුති සටන්කාමීන් බලය අල්ලා ගැනීමත් සමඟ සෞදිය හවුති සටන්කාමීන්ට එරෙහිව යුද ප්‍රකාශ කළේය.

අද වනවිට සෞදියට සහාය පළ කරමින් ඇමෙරිකාව ද හවුති සටන්කාමීන්ට පහර දීම් කරයි. එම ප්‍රහාර හේතුවෙන් යේමන සිවිල් වැසියන් සිය ගණනක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

යේමන වැසියන් ඇමෙරිකාවට විරෝධය පාමින් එරට සානා අගනුවර සිට විරෝධතා පා ගමනක් ආරම්භ කළේ එහෙයිනි.
ඇමෙරිකා ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් සෞදියේ රියාද් නුවරට පැමිණෙයි. ඊට ද යේමන වැසියෝ සිය විරෝධය පළ කර සිටියාහ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS