යේමන වරාය නාවික හමුදාවට



යේමනයේ හොදයිදා වරාය නගරය යේමන රජයේ හමුදාවට බාරදීමට යේමන රජයට එරෙහිව සටන් වදින හවුති කැරැලිකරුවෝ කටයුතු කළහ.

ඒ අනුව, යේමන වරාය නගරයේ පාලනය යේමන නාවික හමුදාව විසින් සිදු කරනු ලැබේ. හොදයිදා වරාය නගරය පසුගිය කාලයේ හවුති කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පැවැතිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, හවුති සටන්කාමීන් සහ යේමන රජයට සහාය දක්වන සෞදිය අතර සාම වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණු අතර ඊට හවුති සටන්කාමීන්ගේත් සෞදි රජයේත් සහාය නොඅඩුව හිමිවෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS