යේමන රජය හා එක්විමට හවුති සටන්කරුවෝ කැමැති වෙති



 

ගැටුම් අවසන් කර යේමන රජය හා එක් වීමට තමන් කැමති බව එරට අල් හවුති සටන්කරුවන් අද (16) රාත්‍රියේ ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැදිහත් වීමෙන් අල් හවුති සටන්කාමීන් සහ  සෞදි හිතවාදි යේමන ජාතික රජය අතර සටන් විරාම ගිවිසුමක් බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කරලීම කටයුතු යොදා ඇති බවට වාර්තා වීමත් සමග හවුති සටන්කාමීන්ගේ දෙශපාලන කවුන්සිලයේ අන්සරුල්ලාහ් කණ්ඩායමේ සමාජික මොහමඩ් අල් බුකාති තහවුරු කර ඇතැයි පැවසේ.

නමුත් එවැනි සිද්ධියක් සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි ලීගයෙන් නිල වශයෙන් තහවුරැ වී නැතැයි කියති.

පසුගිය වසරේ සිට සෞදි ගුවන් හමුදාව යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට සිවිල් වැසියෝ 11,403 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන තුනකට ආසන්න යේමන වැසියන් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සෞදි ගුවන් හමුදාව පහර දෙන්නේ යේමනයේ රජය පෙරළා දැමූ ඉරාන හිතවාදී හවුති ෂියා සටන්කාමීන්ට සහ ඔවුන්ට සහාය දක්වන යේමන හමුදා සෙබළුන්ටය.

තිලිණි ද සිල්වා

(ගල්ෆ් නිව්ස් ඇසුරෙනි)


RECOMMEND POSTS