යේමන යුද්ධය නවත්වන්නැයි කියයි



දිනෙන් දින ඔඩුදුවන යේමන අර්බුය අවසන් කරමින්, එරට සිවිල් යුද්ධය නැවැත්වීමට කඩිනමින් පියවර ගන්නැයි ලෙබනනයේ ‘හිස්බුල්ලා’ සංවිධනය සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර ඇත.

යේමනයේ යුද ගැටුම් ඇවිලෙමින් පවතින්නේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් සහ ඔවුන් විසින් පෙරළා දැමූ සෞදි පක්ෂපාතී යේමන රජය අතරේය.

යේමන රජය නියෝජනය කරන පාර්ශ්වයට සෞදිය පමණක් නොව ඇමෙරිකාවේ ද සහාය හිමිවෙයි.

යේමනයේ විපතට පත් වී සිටින සිවිල් වැසියන් වෙනුවෙන් යුද්ධය නතර කර දේශපාලනික විසඳුම් සෙවීම කළ යුතු බව හිස්බුල්ලා සංවිධානය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS