යේමන යුද්ධය ගැන ඡන්ද විමසුමක්



යේමන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතය.

යේමන යුද්ධය පැවැත්වෙන්නේ යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සහ ඔවුන් විසින් පෙරළා දමනු ලැබූ යේමන රජයට සහාය දක්වන සෞදිය අතරේය. ඇමෙරිකාව සෞදියට සහාය දක්වමින් යේමන යුද්ධයට සම්බන්ධ වී සිටී.

2015 වසරේ ආරම්භ වූ යේමන යුද්ධය මානුෂීය ඛේදවාචකයක් බවට පත් වී ඇති හෙයින්, තව දුරටත් සෞදියට සහාය දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුම පැවැත්වෙනු ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS