යේමන බෙදුම්වාදී සහ රජය බලය බෙදා ගනී



ජාත්‍යන්තරය පිළිගත් යේමන රජය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අනුග්‍රහය ලබන දකුණු පළාත්වල ක්‍රියාත්මක බෙදුම්වාදීන්, සාකච්ඡා පවත්වා, බලය බෙදා ගැනීමේ නව යෝජනාවකට එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර පැවැති ගැටුම් අවසන් වනු ඇති බව ද පැවැසෙයි. බලය බෙදා ගැනීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කිරීමේ පුවත නිවේදනය කරනු ලැබුවේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් විසිනි. බලය බෙදා ගැනීමේ එම යෝජනාව ‘රියාද් සම්මුතිය’ යනුවෙන් නම් කර ඇත. යෝජනාව සකස් කිරීමේදී මැදහත්කරු ලෙස කටයුතු කර ඇත්තේ සෞදියයි.

යේමන රජයට එරෙහිව පාර්ශ්ව දෙකක් සටන් වදී. එක පාර්ශ්වයක් වන්නේ දකුණු ප්‍රදේශවල ක්‍රියාත්මක මෙම බෙදුම්වාදීන්ය. අනෙක් පාර්ශ්වය ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ය. මොවුන්ට ඉරානයේ සහාය හිමිවන බව පැවැසෙයි. සෞදියත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් එක් වී ගුවනින් ප්‍රහාර එල්ල කරන්නේ මෙම සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS