යේමන ධීවරයෝ 160 ක් මියයති



යේමනයේ හවුති කරැලිකරුවන් ඉලක්ක කර ගනිමින්, සෞදි ගුවන් හමුදාව සිදු කළ ප්‍රහාර හේතුවෙන්, යේමන ධීවරයන් 160 දෙනකු මියගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මෙම ධීවරයන් මියගොස් ඇත්තේ සෞදි ගුවන් හමුදාව, ඔවුන් හවුති කැරැලිකරුවන් යැයි අනුමාන කරමින් සිදු කළ ප්‍රහාරවලදී යැයි ද වාර්තා වේ. පසුගිය මාස කිහිපය පුරාවට ධීවරයන් ඉලක්ක කර ගනිමින් මෙසේ ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව ද යේමන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS