යේමන දැරිය කෙලෙසූ පුද්ගලයා කොටුවෙයි



තම යේමන මිතුරකුගේ දහතුන් හැවිරිදි දැරියක් දුෂණය කල වයස අවුරුදු පනස් පහක විශ්‍රාමක පුද්ගලයෙකු  ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. 

දැරිය සහ ඇගේ සහෝදරයා මාළු ඇල්ලීම සදහා ඔහුගේ කාරයෙන් කැදවාගෙන යන අතර එහි යෑමෙන් පසු සහෝදරයා මාළු අල්ලමින් සිටින විට දැරිය ඔහුගේ කාරයට කැදවාගෙන ගොස් අවස්ථා ගණනාවකදී දුෂණය කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

දැරියව දුෂණය කල පුද්ගලයා කොමරෝස් දුපත් වැසියෙක් වන අතර තමන් පියාගේ හොදම යාළුවකු බව පවසමින් දරුවන්ව යාළු කරගෙන ඇත. 

අවසානයේදි මොවුන් හොද යාළුවන් වී ඇති අතර අගෝස්තු මාසයේදී විනෝද ධාරිකාවක්ද පවා ගොස් ඇත.

තම මිත්‍රත්වය වැඩිකර ගැනීම සහ වැඩි කාලයක් ගතකිරීමේ අරමුණින්  සදහා දරුවන් දෙදෙනා අල්-ෂින්ඩහා ප්‍රෙද්ශයට රැගෙන ගොස් මාළු ඇල්ලීමේ නිරතව ඇත. 

වාහනයක් තුල වයසක පුද්ගලයකු කුඩා දැරියක් සමග සැක සහිත ආකාරයෙන් සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර අදාල තොරතුර සම්බන්ධයෙන් පොලීසිය වහාම ක්‍රියත්මක වී සිද්ධිය වු ස්ථානයට ගොස් ඇත. 

දැරිය සමග ලිංගිකව එක්වෙමින් සිටි අවස්ථාවේදි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි දැරියගේ සහෝදරයා රාත්‍රී කැම ගෙන ඒම සදහා දුෂණය කල පුද්ගලයා විසින් අපනශාලාවකට යවා ඇත.

බාල වයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS